International

පාකිස්ථානයට ලකුණු 182ක ඉලක්කයක්.

Published

on

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග මේ වන විට පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 182ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබාගත්තා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 44කින් වේගවත් ලකුණු 60ක් රැස් කළා. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 1ක් ඇතුළත් වුණා. නායක රෝහිත් ශර්මා පන්දු 16කින් ලකුණු 28ක් රැස් කළ අතර KL රාහුල් ලකුණු 28ක් රැස්කළා. පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් කඩුලු 2ක් බිඳ හෙළුවා.

Trending

Exit mobile version