International

පාකිස්තානය පරදා ඉන්දියාවට කඩුළු 4ක තියුණු ජයක්.

Published

on

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග පැවති තරගය කඩුළු 4 කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා. ශාන් මසූඩ් නොදැවී ලකුණු 52ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 51ක් රැස් කළා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබාගත්තා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 53කින් හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද සමගින් නොදැවී වේගවත් ලකුණු 82ක් සහ ඔහුට අගනා සහයෝගයක් ලබාදුන් හර්දික් පාන්ඩ්යා ලකුණු 40ක් රැස් කළා.

Trending

Exit mobile version