Local News

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි.

Published

on

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි. ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා ලබන අඟහරුවාදා යළි විවෘත කළ යුතුයි. කොරෝනා තත්වය, රටේ පැවති ඉන්ධන ගැටළුව ඇතුළු විවිධ හේතූන් මත පාසල් අධ්‍යාපන කටයුතු විටින් විට අත්හිටුවීමට සිදුවුණා. ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරය කොටස් දෙකකට වෙන් කෙරුණු අතර, එහි පළමු අදියර මැයි 20 වනදා අවසන් කෙරුණා.
2021 වසරට අදාළව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුවයි ජූනි 6 වනදා සිට දෙවන අදියර ක්‍රියාත්මක කෙරුණේ.

Trending

Exit mobile version