Local News

පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සඳහා වියදම රුපියල් 2,500ක් බව හෙළි වෙයි.

Published

on

හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500ක මුදලක් වැයකිරීමට සිදුවන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්. එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඊයේ (15) සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් මේ බව අනාවරණ කළා. මේ අතර එම වැඩසටහනට එක්වූ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන අවධාරණය කළේ ලක්ෂ 16ක් වන මෙරට පාසල් දරුවන්ට ආහාර වේලක් පාසල් කාලය තුළ ලබාදීමේ අවශ්‍යතාව මේ මොහොතේ පවතින බවයි.

Trending

Exit mobile version