Local News

නෙළුම් කුළුන නැරඹීමේ කාල සීමාව දීර්ඝ කෙරේ.

Published

on

නෙළුම් කුළුන පරිශ්‍රය විවෘතව තබනු ලබන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 10 දක්වා නැරඹීමේ අවස්ථාව ලබාදී ඇති බවයි කොළඹ නෙළුම් කුළුන කළමනාකරණ පුද්ගලික සමාගම සඳහන් කළේ. එමෙන්ම සති අන්තයේදීත් පෙරවරු 09 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙනවා. එම දින දෙක තුළ රාත්‍රි 11 දක්වා නෙළුම් කුළුන පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Trending

Exit mobile version