Breaking News

නදීශා දිල්හානි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් කරයි

Published

on

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදීශා දිල්හානි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඒ, ඇය විසින් ඊළඟ වටය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

ඇ කාණ්ඩය යටතේ තරග වැදුණු ඇය එහි දී වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 53.66ක් වන අතර ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට වාර්තා කළ යුතුව තිබූ දුර ප්‍රමාණය මීටර් 62කි.

නදීශා සහභාගී වූ මූලික වටයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී වූ අතර එහි දී ඇයට හිමි වූයේ 16 වන ස්ථානයයි.

Trending

Exit mobile version