International

දින දෙකකට පසු සුන්බුන් අතරින් සිරුරු දෙකක්

Published

on

දින දෙකකට පෙර ඉතාලියේ සිසිලි මුහුදේදී ගිලී ගිය බ්‍රිතාන්‍ය තාක්‍ෂණ අධිපති මයික් ලින්ච්ගේ පවුලේ යාත්‍රාවේ සුන්බුන් පිරික්සමින් සිටි ස්කුබා කිමිදුම්කරුවන් එහි සිරුරු දෙකක් සොයාගෙන ඇති බව ගලවා ගැනීමේ මෙහෙයුම් වලට සමීප මූලාශ්‍රයක් පවසනවා.

ඉන් එක් සිරුරක් පිරිමි පුද්ගලයෙකුගේ බව එම මූලාශ්‍රය සඳහන් කර තිබෙනවා

ගලවා ගැනීමේ නිලධාරීන් තාක්‍ෂණ අධිපති මයික් ලින්ච් , ඔහුගේ 18 හැවිරිදි දියණිය සහ මෝගන් ස්ටැන්ලි ඉන්ටර්නැෂනල් හි විධායක නොවන සභාපති ජොනතන් බ්ලූමර් ඇතුළුව අතුරුදහන් වූ පුද්ගලයින් හය දෙනෙකු සොයමින් සිටින බවයි පුවත් සේවය පවසන්නේ.

මෙම අධි සුඛෝපබෝගි නැවෙහි කපිතාන් ජේම්ස් කට්ෆීල්ඩ්ගේ සහෝදරයා මීට පෙර පවසා සිටියේ ඔහුගේ සහෝදරයා සුඛෝපභෝගී යාත්‍රා පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් ඇති “ගෞරවනීය” නාවිකයෙකු බවයි.

නවසීලන්ත ජාතික 51 හැවිරිදි ඔහු මෙම නැව් අනතුරින් දිවි ගලවා ගත් අතර මේ වන විට රෝහල්ගත්ව ප්‍රතිකාර ලබනවා.

Trending

Exit mobile version