Politics

දැනට 27 ක් ඇප බඳී

Published

on

ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමසාරිස් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පිළිගත් දේශලාපන පක්ෂවලින් අපෙක්ෂකයින් 13ක් , වෙනත් දේශපාලන පක්ෂවලින් එක් අපේක්ෂකයෙක් සහ ඡන්ද හිමියෙකු විසින් යෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් ලෙස ඒ අනුව ඉහළ ගොස් ඇති බවයි.

ලබන සතිය වන විට මෙම සංඛ්‍යාව 30 අභිබවා යාහැකි බවත් ජනපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන පිළිබඳ අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්, රත්නායක මහතා සඳහන් කර සිටියා.

Trending

Exit mobile version