Local News

තෛපොංගල් දිනය අද.

Published

on

ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව අද (15) තෛපොංගල් දිනය සමරනවා. හින්දු භක්තිකයන් සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුදමින් කළගුණ සැලකීම සිදුවනවා. මෙම දිනය හින්දු භක්තිකයන්ගේ නව වසරක උදාව සටහන් කිරීම ලෙසද සඳහන්. මේ අතර, රජයේ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට දායකවෙමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට එක්වන ලෙස සශ්‍රීකත්වය පෙරදැරි කරගත් තෛපොංගල් දිනයේ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. තෛපොංගල් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ කෘෂිකර්මාන්තය නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමුකර ඇති බවයි. ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙසයි ජනාධිපතිවරයා තෛපොංගල් උත්සවය හඳුන්වා ඇත්තේ. මේ අතර, තෛපොංගල් උත්සවය ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය තෛපොංගල් පණිවුඩයෙන් ප්‍රකාශ කරනවා. තෛපොංගල් උත්සවය සාමය, එකමුතුව සහ දයාව මූර්තිමත් කරන්නක් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Trending

Exit mobile version