Local News

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට.

Published

on

තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ  සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ මළ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබෙනවා. මළ සිරුර තුර්කියේම වෙනත් ප්‍රදේශයක වාසය කරන ඇයගේ දියණිය විසින් හඳුනාගෙන තිබේ. අතුරුදන් වූ මව සෙවීම සඳහා ඇය ඊයේ (11) අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ බව සඳහන් වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඇය මීට වසර 20කට පමණ පෙර තුර්කියට ගොස් තිබුණා.

Trending

Exit mobile version