Local News

තියුණු තරගයකින් පසුව ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ඨ ජයක්.

Published

on

තියුණු තරගයකින් පසු ආසියානු කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා. ඉන්දීය නායක රෝහිත් ෂර්මා පන්දු 41කින් ලකුණු 72යි. සූර්යකුමාර් යාදෙව් ලකුණු 34ක් රැස් කළ අතර අන් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. විශිෂ්ට පන්දු යැවීමක් සිදු කළ ඩිල්ශාන් මධුශංක ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙලූ අතර චාමික කරුණාරත්න සහ දසුන් ශානක කඩුළු දෙක බැගින් දවාගත්තා. ඒ අනුව ලකුණු 174ක ඉලක්කයක් ලබා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ තරගය ජයගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 57ක්, පැතුම් නිශ්ශංක 52ක් සහ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 18කින් ලකුණු 33යි. භානුක රාජපක්ෂ ලකුණු 25ක් රැස් කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට ඇති අවස්ථාව අහිමි වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසෙනවා. තරගයේ වීරයා දසුන් ශානකයි.

Trending

Exit mobile version