International

තායිවානය ඇමරිකාවේ කොටසක් නොවේ – තම ප්‍රදේශයක් බව චීන විදේශ ඇමති කියයි.

Published

on

තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශයේ සංචාරයක් අතරතුර මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ තායිවානය, ඇමරිකාවේ කොටසක් නොවන නමුත්, එය, චීනයේ ප්‍රදේශයක් බවයි.
එබැවින් තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග එරට ස්වෛරීත්වයට සහ භූමියේ ආරක්ෂාව අරමුණු කරගත්තක් බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඇමරිකානු කථානායිකා නැන්සි පෙලොසිගේ මතභේදාත්මක තායිවාන සංචාරයත් සමඟ චීනය තායිවාන මුහුදු ප්‍රදේශයේ හමුදා අභ්‍යාසයක් ආරම්භ කළ අතර, ඇමරිකාව ඒ පිළිබඳව දැඩි විවේචන සිදු කළා.

Trending

Exit mobile version