International

තායිලන්ත අගමැති සිය ධුරයෙන් ඉවතට.

Published

on

තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද(24) තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය පිළිබඳව විපක්ෂයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අද විභාග කළ අවස්ථාවේ දී යි. එම පෙත්සම විභාග කිරීමේ දී, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවන්ගෙන් බහුතරයක් 5:4ක් වශයෙන් ඡන්දය ලබා දුන් අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය ඊයේ එනම් 2022 අගෝස්තු 23 අඟහරුවාදා‍යින් අවසන් වූ බව තීරණය කෙරුණා. ඒ අනුව ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවීමෙන් පසු නියෝජ්‍ය අගමැති ලෙස කටයුතු කළ ප්‍රවිත් වොන්ග්සුවන් භාරකාර අගමැතිවරයා බවට පත් වුණා.

Trending

Exit mobile version