International

තායිලන්තයේ දකුණු දිග ප්‍රදේශයට ප්‍රහාර මාලාවක්.

Published

on

තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්ථාන 17ක පිපිරීම් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ලවී ඇති බව සඳහන්. ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නැහැ. මෙම සිදුවීම් 17 එකිනෙක සම්බන්ධතාවක් පවතින බවටයි තායිලන්ත ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. මැලේසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි තායිලන්ත නගරවල මෑත කාලීනව ගැටුම්කාරී තත්ත්වයක් නිරීක්ෂණය වනවා. මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ 2004 වසරේ සිට මේ දක්වා ගැටුම්වලින් 7300කට වැඩි පිරිසක් මියගොස්ඇති බවය

Trending

Exit mobile version