International

තලෙයිබාන්වරුන්ගේ පාලනය හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයේ දරුණු පසුබෑමක්.

Published

on

තලෙයිබාන්වරුන්ගේ පාලනයේ ආරම්භයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකයේ විශාල පසුබෑමක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් සියයට 90ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළා. මිලියන 40ක් වන එරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකුටම නිසි ආහාර වේලක් නොලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා. තලෙයිබාන්වරුන් කාන්තාවන්ට පනවා ඇති සීිමා නිසා එරට රාජ්‍ය නොවන සංවිධාන 150කට වැඩි ගණනක් මේ වන විට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වී තිබෙනවා. මේ හේතුවෙන් විදෙස් ආධාර ද එරටට හිමි නොවන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Trending

Exit mobile version