Local News

ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ.

Published

on

මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උලෙළ කොළඹ දී ඊයේ (16) අමතමින්. රට ගොඩනැගීම සඳහා පියවර රැසක් ගනිමින් ඇති බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත් මෙහි දී ජනාධිපතිවරයා කියා සිටියා. ඊට අමතර ව ඩයස්පෝරාවේ සහාය ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා. පසුගිය මස 18 වනදා දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. සභා නායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා හදිසි නීතිය පිළිබඳ යෝජනාව පසුගිය ජූලි 27 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමෙන් අනතුරු ව සම්මත කර ගත්තා.

Trending

Exit mobile version