International

ට්‍රම්ප්ට වඩා හැරිස් 5%ක් ඉදිරියෙන්

Published

on

අන්තර්ජාලය ඔස්සේ සිදු කළ මත විමසුමකට අනුව නොවැම්බර් 5 පැවැත්වීමට නියමිත අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා තරගවදින ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සියට 5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.

එහිදී කමලා හැරිස් ඡන්ද 42% ක් ලබ අගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද 37% ක් ලබා ගෙන ඇති බව සඳහන්.

මෙම මත විමසුමේ සියයට 3 ක පමණ දෝෂයක් ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

නමුත් 2020 දී පැවති මැතිවරණය මෙන්ම කමලා හැරිස් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් ප්‍රාන්තවල ඩොනලඩ් ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බව සඳහන්.

81 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන්, ජූනි 27 දා ට්‍රම්ප්ට එරෙහිව කළ විවාදයේදී ජනතා අප්‍රසාදයට පත්වු අතර ඔහු සිය ව්‍යාපාරය නවතා දැමූ නිසා කමලා හැරිස් ජූලි 21 දින සිට ජනපති තරඟයට පිවිසියා.

Trending

Exit mobile version