International

ජෝ බයිඩන් ට නැවතත් කොවිඩ් 19

Published

on

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවතත් කොවිඩ් 19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂණවල දී තහවුරු වී තිබෙනවා. ඔහුගේ වෛද්‍යවරයා වන වෛද්‍ය කෙවින් ‘ඕ’ කෝනර් විසින් එය විස්තර කර ඇත්තේ, එය නැවත මතුවන (රීබවුන්ඩ්) ආසාදනයක් ලෙස යි. 79 හැවිරිදි ජනපති බයිඩන්ට ප්‍රථම වරට වෛරසය වැළඳී ඇත්තේ ජූලි 21 වන දින වන අතර ඔහු මෘදු රෝග ලක්ෂණ අත්විඳින බව අනාවරණය වූ අවස්ථාවේදීයි. ඉකුත් සෙනසුරාදා ජෝ බයිඩන් පැවසුවේ තමා රෝග ලක්ෂණ අත්විඳින්නේ නැති නමුත් “මා අවට සිටින සියල්ලන්ගේ ආරක්ෂාව සඳහා” නිරෝධායනය වෙමින් සිටින බවයි. නමුත් පසුගිය සතියේ අඟහරුවාදා සහ සිකුරාදා අතර කළ කොවිඩ් 19 සඳහා වන පරීක්ෂණවල දී ජනාධිපතිවරයා සිව් වතාවක් ම වෛරසය සඳහා සෘණාත්මක බව ඔප්පු වී තිබුණා.
තත්වය විස්තර කරන ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන වෛද්‍ය කෙවින් ‘ඕ’ කෝනර් ලිපියක් මගින් සඳහන් කරන්නේ, නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නොවන නමුත් ජනාධිපතිවරයා “සමීප නිරීක්‍ෂණය” යටතේ සිටින බවයි.
ජනපතිවරයා ප්‍රතිවයිරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබාගෙන ඇති අතර, එය කොවිඩ් රෝගීන්ගෙන් කුඩා ප්‍රතිශතයකට “නැවත එන” තත්ත්වයක් බවයි වෛද්‍ය ‘ඕ’ කෝනර් සඳහන් කරන්නේ.

Trending

Exit mobile version