Local News

ජූනි මාසයේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්.

Published

on

මේ වසරේ මැයි මාසයේ සංචාරක පැමිණීම්වලට සාපේක්ෂව ජූනි මස පැමිණීම් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවල සඳහන් වනවා. ඒ අනුව 2022 මැයි මාසයේ දී 30,207ක් වූ සංචාරක පැමිණීම් ජූනි මස අවසන් වන විට 32,856ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එනම් එම මාසය තුළ සංචාරකයන් 2,649 කින් වැඩිව තිබෙනවා. පවතින ඉන්ධන හිඟය, විදුලිය ඇනහිටීම්, ආර්ථික හා සමාජීය බාධා කිරීම්, ඇතැම් රටවල් විසින් නිකුත් කරන ලද දැඩි සංචාරක උපදේශන යනාදී අහිතකර තත්ත්වයන් හමුවේ වුවත් මෙම සුළු වර්ධනය පෙන්නුම් කරන්නේ. එලෙස ඉකුත් ජුනි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රෙලියාව සහ ජර්මනිය වැනි රටවල් නියෝජනය කරමිනුයි වැඩි වශයෙන් පැමිණ ඇත්තේ. 2022 ජූනි මාසයේ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 59 ක් බව මහබැංකුව ගනන් බලා ඇති අතර, එය පෙර
මාසයේ සංචාරක ඉපැයීම් ලෙස වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 54ට වඩා ඇමරිකානු ඩොලර් මිලියන පහකට ආසන්න වැඩි වීමක්.

Trending

Exit mobile version