Local News

ජැක්සන්ගේ සුවදුක් බැලීමට ජනපති රෝහලට.

Published

on

මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) උදෑසන කොළඹ ජාතික රෝහලට පැමිණියා. රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර, ඔහුගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ජැක්සන් ඇන්තනීගේ බිරිඳගෙන් ඉල්ලා සිටියා. වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදය ද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනීට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙස ද, ඊට සිය උපරිම සහාය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී තිබෙනවා.

Trending

Exit mobile version