Local News

ජපන් භාෂා ප්‍රවිණතාව සඳහා පාසල් මට්ටමින් වැඩපිළිවෙළක්.

Published

on

ශ්‍රී ලංකාව හා ජපානය අතර අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම යටතේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස හා විශේෂ කුසලතා සහිත රැකියා වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 14ක් යටතේ රැකියා සඳහා ඉදිරිපත් වීමට ලාංකිකයන්ට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සාධකයක්. ඉදිරි වසර 05ක කාලය සඳහා මෙම විශේෂ කුසලතා යටතේ ශ්‍රමිකයන් 345,000කට පමණ ජපානයේ රැකියා අවස්ථා ලබා
දීමට යි මෙම ගිවිසුම් යටතේ සැලැසුම් සකස්වී ඇත්තේ. එම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට පාසල් තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් භාෂාව හා ඉංග්‍රීසි විෂය ඉගැන්වීමටත් ජපානය ඉලක්ක කර ගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැඟිලි පිරිසිදු කිරීම, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික හෝ විදුලි හා විද්‍යුත් කාර්මික කුසලතා වර්ධනය කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

Trending

Exit mobile version