International

ජනාධිපති ධූරයට ට්‍රම්ප්ට වඩා හැරිස් හොඳයි

Published

on

දෙවන ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයකට වඩා අමෙරිකා එක්සත් ජනපදයේ කමලා හැරිස් ජනාධිපති ධූරයට පත් වුවහොත් තම ව්‍යාපාර සඳහා වඩා හොඳ වනු ඇතැයි ජපන් සමාගම් විශ්වාස කරන බව රොයිටර්ස් සමීක්ෂණයක් පෙන්වා දෙනවා.

එම ජපන් සමාගම් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදය සහ ප්‍රතිපත්ති අනපේක්ෂිතභාවය පිළිබඳ තම කනස්සල්ල පළ කර ඇති බවත් සඳහන්.

ලබන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලොව පුරා රටවල් විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා.

නමුත් ජපානය වොෂින්ටනයේ සමීප සගයෙකුවන නිසාත්, දස දහස් ගනනක් එක්සත් ජනපද හමුදා ජපානයේ ස්ථානගත කර ඇති නිසාත්, මීළඟ අමෙරිකානු ජනපති වන්නේ කවුරුන්ද යන වග ජපානයේ විශේෂ අවධානයට ලක්ව ඇති කරුණක්.

අමෙරිකාවේ ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවන් අතර සිටින ජපානය එහි ව්‍යාපාරවලට නව එක්සත් ජනපද-චීන ​​වෙළඳ යුද්ධයක බලපෑම අවම කරගැනීම අරමුණු කරගෙන සිටින බවයි කියවෙන්නේ.

මේ නිසා හිටපු ජනපතිගේ පැරණි වෙළෙඳ ප්‍රතිපත්ති වෙනුවට වත්මන් උප ජනපති කමලා හැරිස්ගේ අදහස් වඩා යහපත් වනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවයි රොයිටර් සමීක්ෂණය මගින් පෙන්වාදී ඇත්තේ.

Trending

Exit mobile version