Breaking News

ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට

Published

on

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මිහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබේ

Trending

Exit mobile version