Local News

ජනපති නිල ධජය සොරකම් කළ පුද්ගලයා රිමාන්ඩ්

Published

on

ජනාධිජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ . පසුගිය ජුලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් අත්පත් කර ගත් අවස්ථාවේ එහි තිබූ ජනාධිපති නිල ධජය ඇඳ ඇතිරිල්ලක් ලෙස යොදා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අදාළ පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එම සැකකරු ඊයේ (29) කොළඹ ඩෑම් වීදිය පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අතර අද (30) ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ . එහිදි සැකකරු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Trending

Exit mobile version