Local News

ජනපති අපේක්ෂකයින් 06ක් එක තැනට

Published

on

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

එම විවාදය එළැඹෙන සැප්තැම්බර් 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින අරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් සහභාගී වනු ඇත.

එම විවාදය මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා 07ක් සහ සමාජ මාධ්‍ය පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ සජීවීව විකාශය කිරීමට අපේක්ෂා කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version