Local News

ජනපතිගෙන් මහා නායක හිමිවරුන්ට පිළිතුරු ලිපියක්.

Published

on

ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හා
එමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනා ධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහා නායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහා නායක හිමිවරු වෙත පිළිතුරු ලිපියක් යොමු කරමිනි. පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය ද පැන නැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවත් ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වාදී තිබේ. 2022 වසර වනවිට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් රටේ ප්‍රධා න විදුලිබල ජාලය හා සම්බන්ධවී පවතී. 2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් (91 Gwh) ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Trending

Exit mobile version