International

ජගත් සංවිධානයට සහ රතු කුරුසයට රුසියාවෙන් අවසර.

Published

on

යුක්රේන සිරකරුවන් කිහිපදෙනකුගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරිමට රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා රතු කුරුස සංවිධානයට අවසර ලබා දී තිබෙනවා.
යුක්රේන සිරකරුවන් 50 දෙනෙකු පමණ පසුගියදා රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් තිබුණා.
රුසියාව මෙම තීරණය ගෙන ඇත්තේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය සමඟ චෝදනා එල්ල කරගනිමින් සිටින අවස්ථාවකයි.
සිය හමුදා පාලනය යටතේ පවතින නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස යුක්රේන වැසියන්ට එරට ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි දැනුම්දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී රුසියාව සමඟ පවතින සටන් තීව්‍ර වීමේ හැකියාවක් ඇති බැවින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි.
බොහෝ දෙනෙකුගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව යුක්රේන ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Trending

Exit mobile version