Local News

චීන පර්යේෂණ නෞකාව පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයෙන් ඉන්දීය මාධ්‍යවේදීයකුට සැර පිළිතුරක්.

Published

on

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක් වැන්ග් වෙන්බින් වෙතින් ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදියකු යුවාන් වැන්ග් 5 නම් පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රශ්න කෙරුණා. ඒ ඊයේ (08) පැවති චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවේ දී යි. එහි දී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමු වූ බවත් එහි දී යුවාන් වැන්ග් 5 නම් පර්යේෂණ නෞකාවේ සංචාරය ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේ ද යන්නත් ශ්‍රී ලංකාව මෙම ඉල්ලීම කළේ සංචාරය ප්‍රමාද කිරීමට බව ඔබට තහවුරු කළ හැකි යන්නත් පිලිබඳව මෙහි දී ප්‍රශ්න කෙරුණා. මීට පිළිතුරු සැපයූ චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින්ට කියා සිටියේ හින්දු මාධ්‍යවේදියා මතු කළ ප්‍රශ්නයට කාරණා දෙකක් යටතේ පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන බව යි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධානතම ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවත් චීනය ද ඇතුළු විවිධ රටවල් විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සේවා අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවේ වරායන් නි‍රන්තරයෙන් භාවිත කරණ බවත් ඔබට පැවසීමට මම කැමැතියි. චීනය සෑම විට ම ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සිදු කිරීමේ දී නීතියට අනුකූල ව මහ මුහුදේ නිදහස භාවිත කරන අතර ම වෙරළබඩ රටවල ඔවුන්ගේ බල ප්‍රදේශය යටතේ ඇති ජලයේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් පිළිබඳ ඇති නීත්‍යානුකූල බලයට සම්පූර්ණයෙන් ම ගරු කරනවා. දෙවැනි කාරණය, ශ්‍රී ලංකාව යනු ස්වෛරී රටක්. ඔවුන්ට ඔවුන්ගේ මනාපය අනුව වෙනත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අයිතියට අපි ගරු කරනවා. ඒ වගේම එවැනි සාමාන්‍ය සහයෝගීතාවක් ඇති කර ගැනීම අපේ රටවල් දෙකේ ස්වාධීන තෝරා ගැනීමක්. එය දෙපාර්ශවයේ ම අවශ්‍යතා ඉටු කරන අතර ම කිසිදු තෙවැනි පාර්ශවයක් ඉලක්ක නොකරන බව අවධාරණය කරන්නට
කැමතියි.

Trending

Exit mobile version