Local News

චීන නැවට හම්බන්තොට වරායේ දොර වැසේ ?

Published

on

චීන අභ්‍යවකාශ චන්ද්‍රිකා පරීක්ෂණ යාත්‍රාවක් වන යුආන් වෑන්ග් 5 සන්නිවේදන නෞකාවට පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණීමට ලබා දී තිබු අවසරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින් ඉන්දීය රජය එම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය ශ්‍රී ලංකා රජය වෙත පළ කරමින් සිටින පසුබිමකයි. කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් චීන රජය මේ වන විටත් ඔවුන්ගේ අප්‍රසාදය නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

Trending

Exit mobile version