International

චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

Published

on

ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චාල්ස් කුමරු ඔහුගේ මව දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු රජු බවට පත් වුව ද අද පැවති සම්ප්‍රදායික රැස්වීමකදියි එය නිල වශයෙන් තහවුරු කළේ. ප්‍රවේශ කවුන්සිලය, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, විනිසුරුවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත වූ විශේෂ සභාවකදී නව රජුගේ පත් කිරීම ප්‍රකාශයට පත් කෙරුණා. මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තුන්වන චාල්ස් රජු පැවසුවේ තම මවගේ අභාවය ප්‍රකාශ කිරීම තමාගේ යුතුකමක් වන බවයි. කෙසේ වෙතත් එය ඉතා කණගාටුදායක කරුණක් බව ද ඔහු සඳහන් කළා. “මම සිතනවා මුළු ලෝකයම, අප සියල්ලන්ම අත්විඳින ලද පිරිමැසිය නොහැකි පාඩුව ගැන කම්පා වනු ඇති බව. මගේ සහෝදරියන්ට සහ සහෝදරයන්ට බොහෝ දෙනෙක් දක්වන අනුකම්පාව දැනගැනීම මට ඇති ලොකුම සැනසීමයි.” මෙම උත්සවයට ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයින් 200ක් සහභාගී වූ අතර එයට හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන්, තෙරේසා මේ, ඩේවිඩ් කැමරන්, ගෝර්ඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර් සහ ජෝන් මේජර් ඇතුළත් වුණා. එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් මහ රැජින පසුගිය බ්‍රහස්පතින්දා සවස බැල්මෝරල් මාලිගයේදී අභාවප්‍රාප්ත වුණා. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 96ක්.


Trending

Exit mobile version