Local News

ගෝල්ෆේස් එකෙන් අයින් වෙනවා – අරගලකරුවන් කියයි.

Published

on

ගාලු මුවදොර අරගල භූමියෙන් අද (10) දිනයේ දී අරගලකරුවන් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 03 වැනි දින රටම ගෝල්ෆේස් වෙත නිර්පාක්ෂික අරගලය ඇරඹුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට බල කරමින්. ඉන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් මෙම විරෝධතාවට විවිධ සිවිල් කණ්ඩායම් මෙන්ම බලපෑම් කණ්ඩායම් එක්ව අරගලය විවිධ පැතිකඩ කරා දිවගිය අයුරු දක්නට ලැබුණා. පසුව ජනාධිපති මන්දිරය ආක්‍රමණය කිරීම, ජනාධිපති ලේකම් කාර්‍යාලය සිය යටතට ගැනීමට ද ගෝල්ෆේස් අරගලකරුවන් කටයුතු කළා. විවිධ අවස්ථාවල දී දේශපාලනික කණ්ඩායම්, ආණ්ඩුවේ හිතවාදීන් හා අරගලකරුවන් අතර උණුසුම් යුද්ධයක ස්වරූපයෙන් ගැටුම් ඇති වන්නට ද වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් ක්‍රමයට දැඩි විවේචන මෙම අරගල භූමිය තුළ රෝපණය වූ අයුරු ද දක්නට ලැබුණා. පසුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රබල පාර්ශ්වයන් අරගලකරුවන්ට කන්දෙමින්, සිය ධුරයන්ගෙන් නීත්‍යානුකූලව ඉවත් වු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය ධුරයෙන් පසුගිය ජුලි 14 වැනි දින තනතුරෙන් ඉල්ලා අස්වුණා. මේ සමග අරගලය යම් තාක් දුරකට සාමකාමී වූ අතර, නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග පොලිසිය නිවේදනය කළේ, ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි. ඒ අනුව අරගලකරුවන් විවිධ ප්‍රදේශවල අරගලය දිගින් දිගටම ගෙන යන බව පවසමින්, අද දිනයේ දී නිල වශයෙන් හා සම්පුර්ණයෙන්ම ගාලු මුවදොරින් තමන් ඉවත්වන බවට දැනුම් දී තිබෙනවා.

Trending

Exit mobile version