International

ගාසා තීරයේ සටන් විරාමයක්.

Published

on

ගාසා තීරයේ දින 3ක ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹ තිබෙනවා.
ඊජිප්තුවේ මැදිහත්වීමෙන් එම සටන් විරාමය ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ සටන් විරාමය අඛණ්ඩව
පවත්වාගෙන යන ලෙසයි. ගාසා තීරයේ පසුගිය දින කිහිපයේදී ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 15 දෙනෙකුම ළමයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම 300කට වැඩි පිරිසක් එම ගැටුම්වලින් තුවාල ලැබුවා.

Trending

Exit mobile version