Local News

ගංඟා දෙකක ජල මට්ටම ඉහළට.

Published

on

ගෙවුණු පැය 24 තුළදී මිලිමීටර 106.3ක වර්ෂාපතනයක් කොළඹින් සහ ලබුගමින් වාර්තා වී තිබෙනවා.
මේ වන විට දකුණු පළාතට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතියි. අකුරැස්ස ඇතුළු ප්‍රදේශවලට දින දෙකක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පහත් බිම් යටවී ඇති අතර නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසනවා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටමත් ඉහළ ගොස් තිබෙනවා.

Trending

Exit mobile version