Local News

කෝටි 03කට අලෙවි කරන්න හැදූ ගජමුතු

Published

on

පුත්තලම ප්‍රදේශයේ කලපු තීරයේ දී ගජමුතු 03ක් අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබෙනවා.

රුපියල් කෝටි 03කට මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ බවට ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල හා පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාර වයස අවුරුදු 28, 31 හා 65 හැවිරිදි වියේ පසුවන්නන්.

සැකකරුවන් සහ ඔවුන් සතුව තිබී තම භාරයට ගත් ගජමුතු වැඩිදුර විමර්ශණ සඳහා පුත්තලම පොලීසියට බාර දීමට පොලිස් විශේෂ බළකා නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

Trending

Exit mobile version