Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී – ප්‍රදේශ කිහිපයකට යළි විදුලිය.

Published

on

හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 ප්‍රදේශවල සහ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇත. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොළඹ 4 , 5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවය. අද පස්වරුවේ කොලොන්නාව උපබලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිට තිබෙනවා.

Trending

Exit mobile version