International

කොල්කටා කණ්ඩායම එක් ලකුණකින් පරදා ලක්නව් කණ්ඩායම PLAY-OFF වටයට.

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68 වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය පසුවෙමින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කර ගනිමිනි. කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders කණ්ඩායමේ නායක Nitish Rana ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා. Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Nicholas Pooran පන්දු 30කදී හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමගින් ලකුණු 58ක් වාර්තා කිරීමට සමත් වුණා. Quinton de Kock ලකුණු 28ක් සහ Prerak Mankad ලකුණු 26ක් රැස් කළා. පන්දු යැවීමේදී Shardul Thakur, Sunil Narine සහ Vaibhav Arora කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 175ක් පමණයි. Kolkata Knight Riders කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Rinku Singh පන්දු 33ක් තුළ වේගවත් 67ක් රැස් කළ අතර Jason Roy ලකුණු 45ක් රැස් කළා.

Trending

Exit mobile version