Sports

ශ්‍රී ලංකාවට කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්.

Published

on

22 වන පොදුරාජ්‍ය මණ්ඩ‍ලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තා
මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ අද (05) සමත්වූවාය. එම තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු ඇය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නා ය. මේ අතර කාන්තා දුර පැනීම ඉසව්වේ අවසන් තරගයට ලක්ෂිණි සාරංගි අද සුදුසුකම් ලබා ගත්තා ය.

Trending

Exit mobile version