International

කැලණියේදී අන්තරේ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාර.

Published

on

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අද (04) කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද පස්වරුවේ කිරිබත්ගොඩ නගරයෙන් ආරම්භ කරනු ලැබුවේ. විරෝධතාව හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වූ බව ද පොලිසිය ප්‍රකාශ කළා. අනතුරුව පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. කෙසේ වෙතත් විරෝධතාකරුවන් මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සරසවි මාවතේ විරෝධතා රැලියන් ආරම්භ කර තිබෙනවා.
එසේම විරෝධතාව අතරතුරදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Trending

Exit mobile version