Breaking News

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published

on

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම ඊට හේතුව වනවා.

එමෙන්ම දිවයිනේ නිරතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ සඳහන්.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (27) පෙරවරු 9.00 දක්වා බලාත්මකයි.

පසුගිය 26 වැනිදා පෙරවරු 8.30 සිට 27 වැනිදා පෙරවරු 03.00 දක්වා කාලය තුළ වාර්තා වර්ෂාපතන අගයන් සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයටයි.

එය ප්‍රමාණයෙන් මිලිමීටර 156.0ක්.

ගුරුදියපොත ප්‍රදේශයට මිලිමීටර 105.5ක වර්ෂාවක් ලැබී ඇති බව සඳහන්.

මාතර දිස්ත්‍රික්කයේ බෝගොඩ ප්‍රදේශයට මිලිමීටර 96.5ක් සහ පිටබැද්දර ප්‍රදේශයට මිලිමීටර 89.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ක‌ළේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 84.0ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ විතානකන්ද ප්‍රදේශයට මිලිමීටර 37.0ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වැඩිදුරටත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version