International

කලාපීය ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ මුණ ගැසෙන ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවන් දෙදෙනෙක්.

Published

on

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ සහ රවින්ද්‍ර විමලසිරි යන මහත්වරු දෙදෙනා සහභාගිවීමට නියමිතය. මේ වන විට 54 වැනිවියේ පසුවන රුචිර පල්ලියගුරුගේ මහතා මේ දක්වා ටෙස්ට්
තරග 18 ක පිටියේ විනිසුරු ලෙස අවස්ථා 9 ක දීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 9 කදීත් කටයුතු කර ඇත.
එක්දින ජාත්‍යන්තර තරග 115කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 84කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 31කදීත් කටයුතු කර ඇති ඔහු, විස්සයි-20 ජාත්‍යන්තර තරග 55කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 37 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 18කදීත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම මේ වන විට 52 හැවිරිදි රවින්ද්‍ර විමලසිරි මහතා මේ දක්වා ටෙස්ට් තරග 4 කදී රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කර ඇති අතර එක්දින ජාත්‍යන්තර තරග 33 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 24කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 9කදීත්
විස්සයි-20 ජාත්‍යන්තර තරග 41කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 31කදීත්, රූපවාහිනි විනිසුරු ලෙස අවස්ථා 10කදීත් සිය සේවය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වනවා.

Trending

Exit mobile version