Local News

කලකට පසු පැමිණි බොරතෙල් නැවේ සාම්පල් අද පරීක්ෂාවට.

Published

on

දිවයිනට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවේ සාම්පල අද (14) දිනයේදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව එහි ගොඩබෑමේ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. එසේම, බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් රැගත් තවත් නෞකාවක් එළැඹෙන 23 ත්, 29 ත් අතර දිනයක දී දිවයිනට
ළඟාවීමට නියමිතව ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ. රුසියාවේ නිෂ්පාදිත බොරතෙල් මෙලෙස ආනයනය කර ඇති අතර, ඒ අනුව එළැඹෙන සතියේ මැද භාගය වනවිට
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර්
පණිවුඩයක දැක්වුණේ.

Trending

Exit mobile version