Local News

ඒ. එච්. එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි.

Published

on

හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඒ. එච්. එම් ෆවුසි මහතා දිවුරුම් දුන්නා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග වැදීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ අතර පැවති 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සමගි ජන බලවේගයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි අපේක්ෂකයා ලෙස ඒ.එච්.එම් ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා සුදුසුකම් ලැබුවා. පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ අතර එහිදී ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමිව තිබුණා. ඒ අනුව එහිදී ඔහු මනාප ලැයිස්තුවේ හත්වන ස්ථානයට පත් වුණා. 85 වැනි වියැති ඒ මහතා කොළඹ හිටපු නගරාධිපතිවරයෙකුද වනවා

Trending

Exit mobile version