International

එලිසබෙත් මහ රැජිනගේ දේහයට ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි.

Published

on

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මාලිගයේදියි. එම අවස්ථාවට ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියා. අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් වෙස්ට්මින්ස්ටර් ශාලාවේ පැවැත්වෙන අවසන් දේව මෙහෙය මෙරට වේලාවෙන් හෙට උදෑසන 11ට ආරම්භවීමට නියමිතයි. පස්වරු 3.04ට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට රැජිනගේ දේහය වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයට රැගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ. වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ අවසන් දේව මෙහෙය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවීමත් සමඟම රැජිනට දක්වන ගෞරවයක් ලෙස පස්වරු 4.25 සිට ජාතික නිහැඬියාවක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. පසුව රැජිනගේ දේහය වින්සර් මන්දිරය වෙත රැගෙන ගොස්පැයකට ආසන්න කාලයක් එහි තැන්පත් කරනු ඇති. අවසාන වශයෙන් රැජිනගේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙන යාමෙන් පසු පිලිප් කුමරුගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම පසෙකින් තැන්පත් කර තැබීමට නියමිතයි. මේ අතර දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ද ලන්ඩන් නුවරට ළඟා වුණා.

Trending

Exit mobile version