International

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

Published

on

ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමක් අතරතුර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගත් බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඔවුන් ‍Yoram Metzger, Alexander Dancyg, Avraham Munder, Chaim Peri, Nadav Popplewell සහ Yagev Buchshtab ලෙසයි නම් කර ඇත්තේ.

මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් විසින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු හමුදාව විසින් ලබා ගෙන ඇති බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙහෙයුමට සම්බන්ධ වූවන්ගේ “ධෛර්ය සහ අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගය” සඳහා ස්තුතිය පළ කළ අගමැතිවරයා ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් වෙත ශෝකය පළ කර තිබෙනවා.

Trending

Exit mobile version