International

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මරුට

Published

on

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27) පස්වරුවේ එල්ල කළ ප්‍රහාරයකින් ඔහුව ඝාතනය කළ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

එම ප්‍රහාරවලින් තවත් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් හරෙක් හ්‍රෙයික් උපනගරයේ ගොඩනැගිලි හයක් විනාශ වී තිබෙන බව සඳහන්.

මෙය ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සිදුවූ වඩාත් වැදගත් ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස වාර්තා වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version