International

ඊයේ පැවැති IPL තරගයෙන් කොල්කටා කණ්ඩායමට ලකුණු 5ක ජයක් – තවත් තරගයක් අද.

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Knight Riders සහ Sunrisers Hyderabad යන කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලබාගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් Kolkata Knight Riders කණඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 171ක් ලබාගත්තා. එහිදී Rinku Singh ලකුණු 46ක් සහ කොල්කටා පිලේ නායක Nitish Rana ලකුණු 42ක් රැස් කළා. ලකුණු 172ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුළු 8ක් දැවී ලකුණු 166ක් පමණයි. එහිදී හයිද්‍රබාද් කණ්ඩායමේ නායක Aiden Markram ලකුණු 41ක් හා Heinrich Klaasen ලකුණු 36ක් රැස් කළා. මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 48 වන තරගය අද Rajasthan Royals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Trending

Exit mobile version