International

ඉරාක විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අත්පත් කරගනී.

Published

on

ඉරාක විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බැග්ඩෑඩ් නුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත කඩා වැදී
තිබේ . ඉරාකයේ මුක්තදා අල් සදර් ෂියාත් (Muqtada al-Sadr) ඉස්ලාමීය නිකායට අයත් පිරිසක් මෙසේ පාර්ලිමේන්තුව වෙත කඩා වැදී ඇත්තේ රට තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමිනි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉරාක මහ මැතිවරණය පැවති නමුත්, තවමත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට හෝ රජයක් පිහිටුවා ගැනීමට හෝ නීති සම්පාදකයින් එකඟතාවකට පැමිණ නොමැත. ඒ අනුව, මේ වනවිට රාජ්‍ය නායකයෙකු හෝ රජයක් නොමැතිව ඉරාකය ගතකර ඇති කාලය දින 290කට අධිකය. 2022 වසර සඳහා ඉරාකයට අයවැය ලේඛනයක්ද ඉදිරිපත් වී නොතිබීම විශේෂත්වයකි.

Trending

Exit mobile version