International

ඉන්දුනීසියානු දරුවන් මරණයට පත්කළ සිරප් මෙරට නොමැති බවට ඔසුසැල් හිමියන් කියයි.

Published

on

මතභේදයට තුඩුදී ඇති ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමුන් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා. ඖෂධ ලියාපදිංචියේදී ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරන දැඩි නියාමනය හමුවේ ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර හිමිවන බවයි එම සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන සඳහන් කළේ. කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ගයක් හේතුවෙන් ගැම්බියාවේ ළමයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පසුගිය සතියේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර, පසුව ඉන්දුනීසියාවේද ළමයින් සියයක් පමණ සිරප් සහ ඖෂධ දියර වර්ග හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුණා. ඉන්දුනීසියානු බලධාරීන් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවලට හානිකරන රසායනිකයක් අඩංගු බවයි. අදාළ ඖෂධය ලබාගත් ළමයින් 200 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඔවුන්ට වකුගඩු ආබාධ ඇති බවට හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

Trending

Exit mobile version