Sports

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 16ක අති විශිෂ්ට ජයක්.

Published

on

අතිශය තියුණු තරගයකින් අනතුරුව ඉන්දියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ නායක දසුන් ශානකගේ විශිෂ්ට පිතිකරණය සහ අවසන් මොහොතේ පැමිණ කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52ක්, පැතුම් නිස්සංක ලකුණු 33ක්, චරිත් අසලංක පන්දු 19කදී හයේ පහර 4ක් සමග ලකුණු 37ක් හා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 20කින් හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 56ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 2ක්, Umran Malik කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඇති ඉලක්කය ලකුණු 207ක්. ඒ අනුව පිටියට ඉන්දීය කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 190ක් පමණයි. ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුළු 5 ලකුණු 57ක් තුළ බිඳ වැටුණා. ඒත් උත්සාහය අතනොහැරි Suryakumar Yadev සහ Axar Patel ලකුණු 91ක සම්බන්ධතාවයක් ගොඩනැගුවත් ඔවුන්ට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරවීමට නොහැකි වූවා. අවසන් පන්දුවාරයේදී ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 21ක්. එහෙත් එම පන්දුවාරය යැවූ දසුන් ශානක ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුළු දෙකක් දවාගැනීමත් සමග තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. Axar Patel පන්දු 31කින් වේගවත් ලකුණු 65ක් සහ Suryakumar Yadev ලකුණු 51ක් රැස් කළා. පන්දු යැවිමේදී නායක දසුන් ශානක, ඩිල්ෂාන් මධුශංක සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගත්තා. තරගයේ වීරයා දසුන් ශානකයි.

Trending

Exit mobile version