International

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර 46 දෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට

Published

on

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් සැමරීමට ගිය දරුවන් සහ කාන්තාවන් ඇතුළු 46 දෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර දරුවන් 37 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගත වූ පැය 24 තුළ දිස්ත්‍රික්ක 15ක අදාළ මරණ වාර්තාවී ඇති බව සඳහන්.

මෙලෙස මිය ගිය පිරිස ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන ‘ජීවිත්පූත්‍රිකා’ නමැති තෙදින ආගමික උත්සවයට සහභාගී වූවන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දරුවන්ගේ යහපත උදෙසා මව්වරුන් නිරාහාරව සිට මෙම පූජාව සිදු කරනු ලබනවා.

පසුගිය කාලය පුරා ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගා සියල්ල පිටාර ගලන මට්ටමකට පත්ව තිබුණා.

මෙම බැතිමතුන් එය නොසලකා ජලයට බැස ස්නානය කිරීම හේතුවෙන්ම අදාළ අනතුර සිදුව ඇති බවයි, ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද ප්‍රාන්ත බලධාරින් බිය පළ කරනවා. මිය ගිය පුද්ගලයින් සඳහා වන්දි ලබාදීමට ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version